241කට දිවි අහිමි කළ අහමදාබාද් ගුවන් අනතුර… එක් අයෙකු දිවි ගලවාගත් බව ඉන්දියා එයාර් ගුවන් සේවය තහවුරු කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි සිදු වූ මාරාන්තික එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත්තේ එක් අයෙකු පමණක් වන අතර මරණ 241 ක් සිදුවූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබෙනවා.

ගුවන් සේවය ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනයක් පළ කරමින් පවසන්නේ අයිශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් පුද්ගලයා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ AI171 ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 12 දෙනෙකු සිටි බව එහි දැක්වෙනවා. බෝයිං 787-8 ගුවන් යානය වසර 12 ක් පැරණි ගුවන් යානයක් බවද එහි සඳහන්ය.

අනතුරෙන් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වෂ් කුමාර් රමේෂ් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා අහමදාබාද්හි අසර්වා සිවිල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙනවා. මීට පෙර ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අහමදාබාද් රෝහලට ගිය බව ද මාධ්‍ය වාර්තා කර තිබුණා.

අනතුරෙන් මොහොතකට පසු ගන්නා ලද වීඩියෝවක තුවාල ලැබූ රමේෂ් ගිලන් රථයක් දෙසට ඇවිද යන ආකාරය සටහන් වුණා. ඔහු ගුවන් යානයේ 11A ආසනයේ සිටි බවයි පැවසෙන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...