අලුත් කොවිඩ්වලින් දෙදෙනෙකු මියගිහින්.. PCR අවම මට්ටමක නිසා රෝගීන් ගණන හොයාගන්නත් බැහැ

මේ වන විට රට පුරා පැතිර යමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව තහවුරු කරමින් රටපුරා වාර්තාවන ශ්වසන රෝගීන්ගෙන් සියයට 9ත් 13ත් අතර සංඛ්‍යාව නව කොවිඩ් ප්‍රභේදය වැළඳුනු රෝගීන් බව පවසා තිබෙනවා.

රට තුළ සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අවම මට්ටමක පැවතීමේ හේතුවෙන් දිවයින පුරා සිටින කොවිඩ් රෝගීන්ගේ පිරිස නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි මැදගෙදර මහතා පවසන්නේ.

කෙසේ වෙතත් නව ප්‍රභේදය ආසාදනය ඉතා අවම ප්‍රතිශතයක පැවතීම සහ හානිකර බලපෑම අවම බැවින් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටින් වාර්තා වූ මරණ දෙකම සංකූලතා ඇති රෝගීන්ය.

එබැවින් දුර්වල ප්‍රතිශක්තියක් ඇති වයස අවුරුදු 65ට වැඩි රෝගීන් ඉන් වැඩි අවධානමක් ඇති බැවින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් පරිස්සම් විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...