රටපුරා බන්ධනාගාරවලට CIDයෙන් පැනලා

වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලැබුණු බව පවසමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳිවියෙකු අනීතිකව නිදහස් කිරීමත් සමඟ මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම බන්ධනාගාරවල ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් ඊයේ (12) ආරම්භ කළ බව වාර්තා වෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා මේ බව සඳහන් කරමින්, දීපව්‍යාප්‍ත මෙහෙයුම ඊයේ උදැසන 8ට ආරම්භ වූ බවත් එහිදී බන්ධනාගාරගත කර සිටින සියළුම රැඳවියන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කළ බවත් රැඳවියන්ගේ ලිපි ලේඛනවල කිසියම් ආකාරයක වෙනස්කමක් කර ඇත්දැයි පරීක්ෂාවට ලක් කළ බව පවසා තිබෙනවා.

රැඳවියන්ගේ ලිපි ලේඛන පමණක් නොව දිවයිනේ සියලුම බන්ධනාගාර ලේඛනාගාරවල තිබූ ලිපි ලේඛන සියල්ල එහිදී පරීක්ෂාවට ලක් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ බන්ධනාගාර පරිශ්‍රවල සිටින නිලධාරීන්ට කිසිදු පෙර දැනුම් දීමකින් තොරවය.

රුපියල් ලක්ෂ හතලිහක මුදලක් අවභාවිත කිරීමට අනුරාධපුර මහාධිකරණය පසුගිය මැයි 02වැනි දා වැරදිකරුවකු කළ අතුල තිලකරත්න නමැත්තෙකු වෙසක් පොහොයට ජනාධිපති සමාව යටතේ බව පවසමින් දින 10ක් වැනි කාලයකින් බන්ධනාගාරයෙන් නිදහස් කර දීම මේ වන විට ආන්දෝලනයට තුඩු දුන්නකි.

බන්ධනාගාරගත රැඳැවියන්ගේ සියලු ලිපිලේඛන පරීක්ෂා කිරීම ආරම්භ කෙරුණේ එම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මේ අනුව විමර්ශන නිලධාරීන් කණ්ඩායම් වශයෙන් දිවයිනේ සෙසු බන්ධනාගාර වෙත ද ගොස් තිබෙනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනෙකු පැමිණ බන්ධනාගාර අධිකාරියවරුන්ගෙන්, ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන රැඳවියන් නිදහස් කිරීමේ ලේඛනද පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...