ඊශ්‍රායලය ඉරානයේ බලවත්ම පුද්ගලයෙක් ගොදුරු කර ගනී

ඉරානයේ බලවත්ම හමුදා අංශය ලෙස සැලකෙන රහසිගත ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානියා හා අධ්‍යාත්මික නායක අල් කමේනි වෙත සෘජුව වාර්තා කළ බලවත්ම චරිතයක් ලෙස සැලකෙන මේජර් ජෙනරාල් හොසේන් සලාමි, ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂට පත් වුණා.

සිකුරාදා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් ඉලක්ක කරගනිමින් ඊශ්‍රාලය එල්ල කළ රයිසින් ලයන් ප්‍රහාරවලින් ඔහු මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු මිය ගොස් ඇත්තේ ටෙහෙරාන් අගනුවර පිහිටි IRGC මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකිනි.

“කිසිදු සැකයකින් තොරව මේජර් ජෙනරාල් සලාමි ඉස්ලාමීය විප්ලවයේ වඩාත්ම කීර්තිමත් අණ දෙන නිලධාරීන්ගෙන් කෙනෙකි. විද්‍යාත්මක, සංස්කෘතික, ආරක්ෂක සහ මිලිටරි ජිහාඩ් යන සියලු පෙරමුණු වල ඔහු පෙනී සිටියා.” ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සලාමි ඉවත් කිරීම එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ ප්‍රධානියා ඉවත් කිරීමට සමාන බවයි. එවැනි අවස්ථාවක ඇමරිකාව කුමක් කරනු ඇත්දැයි සිතා ගත හැකිදැ‍යි ඔවුන් පවසා තිබෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!