ඉරානයත් පහර දීම් පටන් ගනී

ඊශ්‍රායලය, ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරමින් එල්ල කළ සතුරා අඩපණ කිරීමේ ප්‍රහාරයට ඉරානයේ ප්‍රතිප්‍රහාර එල්ල වීම ආරම්භ වුණු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

පළිගැනීම් ලෙස ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති අතර එය වැළැක්වීමට පියවර ගනිමින් සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරානයේ න්‍යෂ්ඨික පහසුකම්, බැලස්ටික් මිසයිල කර්මාන්ත ශාලා හා හමුදා අණදෙන නිලධාරීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

ඕනෑම මොහොතක ඊට එරෙහිව එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරවලට සූදානම් වෙමින් රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරමින් පාසල් වසා දැමූ බවත් ,ඒකරාශිවීම් තහනම් කෙරූ බවත් වාර්තා වුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!