ඖෂධ සංස්ථාව 2020 අවුරුද්දේ Safety Goggles වෙනුවට Swimming Goggles ගෙන්වලා

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද වෛද්‍ය උපකරණ තිගයක් හේතුවෙන් ඖෂධ සංස්ථාවට අලාභයක් සිදු කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් අනුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍රශ්ණගත ඖෂධ තොගය ගෙන්වා ඇත්තේ පසුගිය 2020 වසරේ මාර්තු/අප්රේල් කාලයේදී රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මඟිනි. Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ටෙන්ඩරයක් හරහා මෙසේ ගෙන්වා ඇත්තේ PPE KIT තොගයකි.

එම PPE KIT තොගය එම ටෙන්ඩරය මගින් ඉල්ලුම් කළ ටෙන්ඩරයේ පිරිවිතරයන් හා නොගැලපීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය මගින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

දෙවනුව PPE KIT තොගයට සරිලන පරිදි Safety Goggles තොගයක් ගෙන්වනවා යැයි සඳහන් කරමින් අදාල දූෂිත නිලධාරියාගේ දරුවාගේ පිහිනුම් ගුරුවරයා මගින් පිහිනීම සඳහා භාවිතා වන Swimming Goggles තොගයක් ගෙන්වා ඇති අතර එම Goggles ශල්‍යාගාර සඳහා භාවිතා කරන Safety Goggles නොවන නිසා එම ඇණවුමද භාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවන්හිදී සිදු කරන ක්‍රමවේදය නම්, ටෙන්ඩරය මගින් ඇණවුම් කළ භාණ්ඩවලට වෙනත් භාණ්ඩ එවා ඇත්නම් එය ප්‍රතික්ෂේප කර සැපයුම් කරු වෙතින් අදාල මුදල ලබා ගැනීමට Debit Note එකක් යොමු කිරීමයි.

නමුත් එය හුදෙක් දූෂිත ගනුදෙනුවක් නිසා මෙතෙක් එම මුදලද ඖෂධ සංස්ථාවට අය කර ගෙන නොමැති බැව් අනාවරණය වී තිබෙනවා.

– A5 News Sri Lanka

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...