දිවි සැරිය නිමකළ ලෝකයේ ධනවතුන් අතර 2703 වැනියා වූ කරීෂ්මාගෙ හිටපු සැමියා

බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා සහ ව්‍යාපාරිකයෙකු වන සන්ජේ කපූර් බ්‍රහස්පතින්දා ලන්ඩනයේදී හෘද්‍යාබාදයකින් මිය ගිය බව වාර්තා වුණා.

ෆෝබ්ස් සඟරාවට අනුව, සන්ජේ මිය යන විට ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.2 ක් (ඉන්දීය රුපියල් කෝටි 10,300) වූ අතර ඔහු ලොව 2703 වන ධනවත්ම පුද්ගලයා ලෙසයි වාර්තා වුණේ.

මාස කිහිපයකට පෙර, ඔහුගේ ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම වන Sona Comstar වටිනාකම රුපියල් කෝටි 40,000 ක් ලෙස සටහන් වී තිබුණා.

සන්ජේගේ සමාගම ලෝකයේ ඉහළම මෝටර් රථ සමාගම් දහයෙන් හතක් සඳහා මෝටර් රථ කොටස් නිෂ්පාදනය කළ අතර, ඉලෙක්ට්‍රොනික මෝටර් රථ විප්ලවයේ ප්‍රමුඛයෙකු ලෙස ප්‍රසිද්ධය.

Sona Comstar හි සභාපතිවරයා වූ මියයන විට 53වැනි වියේ පසුවූ සන්ජේට කරිෂ්මා සමඟ විවාහයෙන් සමයිරා සහ කියාන් යන දරුවන් දෙදෙනෙකු සිටිනවා.

සංජේගේ නාමය මුළු ඉන්දියාව පුරා ජනප්‍රිය වුණේ 2003 වසරේ තරු පිරුණු උත්සවයකදී ඔහු කරීෂ්මාගේ අත ගැනීමත් සමඟය. ඊට පෙර ඔහු විවාහකයකු වූ අතර ඔහුගේ පළමු බිරිය නන්දිතා මහාතානිය.

අවාසනාවන්‍ත ලෙස 2016 දී ඔහු කරීෂ්මාගෙන් වෙන් වූ පසු තුන්වන විවාහය සිදුකර ගත්තේ නිරූපිකාවක් ප්‍රියා සච්දේව් සමඟයි. ඔහු ප්‍රියාගේ පෙර විවාහයක දියණිය හදාවඩා ගත් බව සඳහන් ය. ඔහුට දාව ප්‍රියාට ලැබුනු පුත්‍රයා අසාරියස් ය.

සංජේගේ දේහය අවසන් කටයුතු සඳහා ඉන්දියාව බලා ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

සන්ජේ කරීෂ්මාගේ දරුවන් වන සමයිරා සහ කියාන්ගේ ජීවිතවල ක්‍රියාකාරී කොටසක් වූ බව පැවසෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...
error: Content is protected !!