ඉරාන ප්‍රහාරවලින් ටෙල් අවීව් ජනාකීර්ණ ප්‍රදේශ සුණු විසුණු වෙයි

සිකුරාදා (ජුනි 14) ඊශ්‍රාලයෙන් එල්ල වූ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ටෙල් අවීව් හි ජනාකීර්ණ ප්‍රදේශවලට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.

නගරයේ දසුන් විනාශකාරී බවත් කැඩී බිඳී සුණු විසුණු වූ කොටස් සෑම තැනම දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කැඩුනු බිඳුනු වීදුරු කොටස් සියලු තැන විසිරී ඇති අතරම බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධී වී ගොසිනි.

ඉරානයේ ප්‍රහාරවලින් හානියට පත් ටෙල් අවීව් මහල් නිවාස ගොඩනැගිල්ලක පදිංචිකරුවන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය කිහිපයක් වෙත දැක්වූ අදහස්වලට අනුව බොහෝ මහල් නිවාස කඩාවැටීමට පටන් ගෙන තිබෙනවා.

විදුලිය විසන්ධි වී ඇති අතර කඩා වැටෙමින් පවතින නිවාසවල තවමත් මිනිසුන් සිරවී සිටින බව ඔවුන් පවසනවා.

ඔවුන්ගේ ජීවිත කටුක වනු ඇති බවටයි ඔවුන් බිය පළ කර ඇත්‍තේ.

මෙම ප්‍රහාරය වාර්තා වුණේ සිකුරාදා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් හා යුධ නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය සිදුකළ දරුණු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසයි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!