ඉරාන ප්‍රහාරවලින් ටෙල් අවීව් ජනාකීර්ණ ප්‍රදේශ සුණු විසුණු වෙයි

සිකුරාදා (ජුනි 14) ඊශ්‍රාලයෙන් එල්ල වූ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ටෙල් අවීව් හි ජනාකීර්ණ ප්‍රදේශවලට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.

නගරයේ දසුන් විනාශකාරී බවත් කැඩී බිඳී සුණු විසුණු වූ කොටස් සෑම තැනම දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කැඩුනු බිඳුනු වීදුරු කොටස් සියලු තැන විසිරී ඇති අතරම බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධී වී ගොසිනි.

ඉරානයේ ප්‍රහාරවලින් හානියට පත් ටෙල් අවීව් මහල් නිවාස ගොඩනැගිල්ලක පදිංචිකරුවන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය කිහිපයක් වෙත දැක්වූ අදහස්වලට අනුව බොහෝ මහල් නිවාස කඩාවැටීමට පටන් ගෙන තිබෙනවා.

විදුලිය විසන්ධි වී ඇති අතර කඩා වැටෙමින් පවතින නිවාසවල තවමත් මිනිසුන් සිරවී සිටින බව ඔවුන් පවසනවා.

ඔවුන්ගේ ජීවිත කටුක වනු ඇති බවටයි ඔවුන් බිය පළ කර ඇත්‍තේ.

මෙම ප්‍රහාරය වාර්තා වුණේ සිකුරාදා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් හා යුධ නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය සිදුකළ දරුණු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...