ග්‍රේටා තුන්බර්ග් ඊශ්‍රායල නිලධාරීන්ගේ අපයෝජනවලට ලක්වෙලා… ප්‍රංශ වෛද්‍යවරයෙකුගෙන් හෙළිදරව්වක්

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් සිටි මැඩ්ලින් ෆ්ලොටිලා නෞකාවේ සිටි ස්වීඩන් දේශගුණික ක්‍රියාකාරිනිය වන ග්‍රේටා ඇතුළු ක්‍රියාකාරීන් ඊශ්‍රායල හමුදා යටතට ගැනීමෙන් පසු ඔවුන්ගේ අපයෝජනයන්ට ලක් වීමට සිදු වූ බවට අනාවරණය වී තිබෙනවා.

මෙම අනාවරණය සිදු කරනු ලැබුවේ එම නෞකාවේ සිටි ප්‍රංශ වෛද්‍යවරයෙකු වන බැප්ටිස්ට් ඇන්ඩ්‍රේ විසිනි.

වෛද්‍ය ඇන්ඩ්‍රේ පවසන්නේ ඊශ්‍රායල බලධාරීන් මගීන්ට, විශේෂයෙන් තුන්බර්ග්ට සමච්චල් කරනු ලැබූ බවත් හිතාමතාම නින්ද අහිමි කළ බවත්ය.

ඇන්ඩ්‍රේ මෙම අනාවරණය සිදු කළේ ඔහු නැවත ප්‍රංශයට පිටුවහල් කිරීමෙන් පසු එරට වාර්තාකරුවන් හමුවේය.

ක්‍රියාකාරීන් නින්දට වැටුණු වහාම ඊශ්‍රායල නිලධාරීන් ශබ්ද නඟා කෑ ගැසීම, සංගීතය වාදනය කරමින් නැටීම සිදු කළ බව ඔහු සඳහන් කළා. තමන්ට ආහාර සහ ජලය ලබා ගැනීමට අපහසු වූ බවත් ඔහු කියා සිටියා.

“සිදු වූ දේ නිශ්චිතව පැවසීමට මට නීතිමය සුදුසුකම් නැහැ. නමුත් අයුතු ලෙස සැලකීම් සිදුවුණා”

මැඩ්ලීන් යනු පලස්තීන හිතවාදී නිදහස් ෆ්ලෝටිලා සන්ධානය විසින් සංවිධානය කරන ලද නෞකාවක් වන අතර එය ජුනි 1 වන දින ගාසා තීරයට ආධාර ලබා දීම සඳහා ඉතාලියෙන් පිටත්ව ගොස් තිබුණා.

බෝට්ටුවේ තුන්බර්ග් ඇතුළු ක්‍රියාකාරීන් 12ක් ගමන් ගත්‍තා. නෞකාව ඊශ්‍රායල නාවික හමුදා විසින් අල්ලා ගත්තේ ගාසා වෙරළට කිලෝමීටර් 200 ක් නුදුරින්ය.

ක්‍රියාකාරීන් 12 දෙනාගෙන්, තුන්බර්ග් ඇතුළු සිව්දෙනෙකු තම නිවෙස් බලා යාම සඳහා වන පිටුවහල් කිරීමේ ලියකියවිලි අත්සන් කිරීමට එකඟ වූ අතර, අනෙක් අට දෙනා අධිකරණ විභාගයක් බලාපොරොත්තුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...