රාත්‍රිය පුරා ඉරානය සිදුකළ ප්‍රහාරවලින් ඊශ්‍රාලයේ හතක් මරුට

සෙනසුරාදා (ජුනි 14) රාත්‍රිය මුළුල්ලේ ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටේ උතුරු ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රියේ කඩා වැටුණ මිසයිලයකින් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. මීට පෙර එරට බලධාරීන් ඉරාන ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා කර තිබුණා.

සෙනසුරාදා රාත්‍රියේ සිදු කළ ප්‍රහාරවලින් වයස අවුරුදු 40 ක කාන්තාවන් දෙදෙනෙකු, වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු මිය ගිය බව බලධාරීන් පවසනවා. ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්ය. හදිසි ප්‍රතිචාර දක්වන්නන් සුන්බුන් යට සිරවී සිටින අය සොයමින් සිටින බවද වාර්තා වෙනවා.

පසුව එල්ල වූ මිසයිල ප්‍රහාර රැල්ලකින්, මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් නගරයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව ද ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා. ගොඩනැගිල්ලකට පහර දීමෙන් වයස අවුරුදු 60 ක් පමණ වන එක් කාන්තාවක් මිය ගිය බවත් ප්‍රදේශයේ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇති බව සඳහන්ය.

ප්‍රහාරවලින් පසු මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශ පුරා පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!