ඊශ්‍රායලයට පහර දීමට ඉරානය නවතම බැලස්ටික් මිසයිලයක් යොදාගනී

ඊශ්‍රායලයට එල්ල කළ නවතම ප්‍රහාරවලදී ඉරානය ඔවුන්ගේ නව බැලස්ටික් මිසයිලයක් භාවිත කර තිබෙනවා.

රාජ්‍ය අනුබද්ධ ප්‍රවෘත්ති වාර්තාවලට අනුව ඉරානය භාවිත කරන මෙම නවතම මිසයිලය වන්නේ “Haj Qassem” හජ් කාසෙම් මිසයිලයයි. “Shahid Haj Qasem” ලෙසද හැඳින්වෙන එය ඉරාන මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් වන අතර මියගිය ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ නමින් නම් කරනු ලැබූවකි.

ඉරාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් අසීස් නසීර්සාදී මැයි 4 වන දින ඉරාන රූපවාහිනියට පැවසුවේ නව මිසයිලයට ඊශ්‍රායලයට යොදවා ඇති එක්සත් ජනපද හමුදාවේ (THAAD) ගුවන් ආරක්ෂක පද්ධතිය මෙන්ම ඊශ්‍රායලය භාවිතා කරන පේට්‍රියට් මිසයිල ආරක්ෂක ඇතුළු අනෙකුත් ආරක්ෂක පද්ධති පසුකර යාමට හැකියාව ඇති බවයි.

ඉරානය මැයි මස මුලදී මිසයිලය එළිදැක්වූ අතර, එය ඝන ඉන්ධන සහිත බවත්, කිලෝමීටර් 1,200 ක පරාසයක් ඇති බවත්, මිසයිල ආරක්ෂක පද්ධති විනිවිද යාමට හැකි උපාමාරු කළ හැකි යුධ හිසකින් සමන්විත බවත් ඉරානයේ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!