ඊශ්‍රායලයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයට ප්‍රහාරයක්… ඉරාන න්‍යෂ්ටික ලේඛනාගාරයත් ඉලක්ක වේ

ඊශ්‍රායලය සහ ඉරානය අතර තුන්වන දිනටත් හුවමාරුවන ප්‍රහාර මධ්‍යයේ, ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයට සහ SPND න්‍යෂ්ටික ව්‍යාපෘතියට පුළුල් ප්‍රහාර මාලාවක් සිදු කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික ලේඛනාගාරය සඟවා තැබූ ස්ථානය ද ඉලක්ක අතරට ඇතුළත් බව ඊශ්‍රායල අරක්ෂක හමුදා පවසන්නේ.

මේ අතර ඉරානය ජෙරුසලම සහ ටෙල් අවීව් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ බලශක්ති යටිතල පහසුකම් සහ ප්‍රහාරක ජෙට් ඉන්ධන නිෂ්පාදනය කරන ස්ථාන ඉලක්ක කළ බව ඉරාන හමුදාව පවසනවා.

ඊශ්‍රායලය සිකුරාදා “රයිසින් ලයන්” මෙහෙයුම දියත් කර ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන වලට පහර දීමෙන් පසු මැදපෙරදිග කලාපයේ තියුණු ආතතියක් ඇති කරමින් ප්‍රහාර හුවමාරු වෙමින් පවතී.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...