කොළඹ බලය කාටද? තීරණාත්මක දිනය හෙටයි..

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම හෙට (ජුනි 16) දිනයේ සිදු වීමට නියමිතය.

ඉකුත් 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරන ලද නමුත් සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබා ගැනීමට එම පක්ෂයට හැකියාව ලැබුණේ නැහැ.

මේ හේතුවෙන් සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකරන මංගල සභාවාරය හෙට (16දා) සිදු කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කරනු ලැබුවා. ඒ අනුව හෙට පෙරවරු 9.30ට එම රැස්වීම මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමිවුණා.

එසේම, ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් හිමි වී තිබුණා.

ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් ආසන 04ක් හිමිව තිබිණි.

ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවුවා.

කෙසේ වෙතත්, සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වනු ඇති. මෙවර නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගය පක්‍ෂයේ බ්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඉදිරිපත් වන අතර විපක්‍ෂයේ පක්‍ෂ වල සහයෝගයෙන් සමගි ජන බලවේගය රිසා පාරුක් මහතා තරග කරනු ඇත.

වසර 1866දී කොළඹ නගර සභාවේ ප්‍රථම නගරාධිපති ලෙස තේරී පත්වුණේ චාල්ස් පීටර් ලෙයාඩ් මහතාය. නිදහසින් පසු ප්‍රථම නගරාධිපති ලෙස 1950දී කුමාරරත්නම් මහතා පත් වූ අතර පසුව 1954දී එන්.එම්. පෙරේරා මහතා නගරාධිපති ධුරයට පත් වුණා.

අවසන් වරට එහි නගරාධිපති ධුරය දරනු ලැබුවේ 2018දී පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එජාප අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියයි.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...
error: Content is protected !!