IMF ඉහළම නිලධාරිනියක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සමග දූත පිරිසක්ද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගීවීමට නියමිතය.

Latest News

error: Content is protected !!