අන්තිම මිනිත්තුවෙත් මන්ත්‍රීවරු වෙනස් විය හැකියි.. කොළඹ නගරාධිපති ධුරය ගැන අනාවැකි කියන්න බැහැ.. මරික්කාර්

රටේ ප්‍රධානම පළාත් පාලන ආයතනය ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට හෙට (16) නියමිතව තිබුණත් නගරාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වේදැයි අනාවැකි කිව නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකාර් මහතා පවසනවා.

“සජබ සාමාජිකයින් 29 දෙනා විශ්වාසදායක වුවද ස්වාධීන කණ්ඩායම් ඇතුළු අනෙකුත් මන්ත්‍රීන් ඕනෑම අවස්ථාවක වෙනස් වීමට ඉඩ ඇතැයි ඔහු පවසනවා.

“සමහර සර්වජන බලය සාමාජිකයින් සමහර පළාත් පාලන ආයතනවල ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට ඒකපාර්ශ්වික තීරණයක් ගෙන තිබෙනවා.”

එසේම, අනෙකුත් පක්ෂ සමඟ ගිවිසුම්ගත වූ සජබ සාමාජිකයින්ගේ සාර්ථකත්වය හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලින් දැකගත හැකි බවයි ඔහු පවසන්නේ.

පළාත් පාලන නීතිය උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්දය රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් විය යුතුද යන්න කවුන්සිලයේ සාමාජිකයින් තීරණය කළ යුතු බවයි.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!