කොළඹ නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර්

කොළඹ මහ නගර සභාවේ අද (ජුනි 16) උදෑසන පැවති රහස් ඡන්දයකින් පසුව නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී බර්තසාල් ඡන්ද 61ක් දිනා ගත් අතර, විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රීසා සාරුක්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණයි.

මැයි 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාව අද උදෑසන එහි මංගල සැසිවාරය සඳහා රැස් වූ අතර පළමු සභා වාරය අද (16) පෙරවරු 9ට ආරම්භ වුණා.

එහිදී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.

ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.

කෙසේ නමුත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව, අවසානයේ සියලුම දෙනා ඒකමතිකව රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට එකඟතාවය පල කළා.

නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන පවත්වනු ලැබුවේ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු බැවිනි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!