ඉරාන උත්‍තරීතර නායකයා ඝාතන සැලැස්මක් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් නවතී

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දින දෙක තුළ අවහිර කළ බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ඉරාන නායකයා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවත් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් අදාළ නිලධාරීන් පවසනවා.

“ඉරාන ජාතිකයන් තවමත් ඇමරිකානුවෙකු මරා දමා තිබේද? නැහැ. ඔවුන් එසේ කරන තුරු අපි දේශපාලන නායකත්වය පසුපස හඹා යාම ගැන කතා කරන්නේවත් නැහැ” එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසු බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වූ දා සිට, ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලය කළ යුතු දේ කරන බවත්, එක්සත් ජනපදය ඔවුන්ට හොඳ දේ දන්නා බවත් ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!