දෙහැවිරිදි දියණිය උකුළට පැනීම නිසා කාන්තාවකට මෝටර් රථය පාලනය කර ගැනීමට බැරි වෙලා.. එක් අයෙකු ජීවිතක්ෂයට

මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිඟිති දියණිය පැනීමෙන් පාලනයෙන් මිදී ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.

මෝටර් රථය පැදවූ කාන්තාව සිය දෙහැවිරිදි දියණිය සමග දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිඳුවා ගෙන නිවසට යෑම සඳහා කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියැදුරු අසුනට පැන ඇති බවත් ඒ අනුව රථය ඇයගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී අසල ගමන් කරමින් සිටි පදිකයෙකුගේද ගැටී ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයකද ගැටී ඇති බව සඳහන් වෙනවා.

බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයෙකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලිසිය සඳහන් කරනවා. මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...