දින තුනට ඉරානයේ 244ක් මරු දකිද්දී ඊශ්‍රායලයේ මිය ගිය ගණන 17යි

ඊශ්‍රායලය සමඟ යුද්ධය ආරම්භ වී දින තුනක් ඇතුළත ඉරාන පුරවැසියන් 224 දෙනෙකු ජීවිත අහිමි වෙද්දී ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 17 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර ඊශ්‍රායලයේ 390 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක හොසේන් කර්මන්පූර් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි ඉරානයේ මියගිය අයගෙන් සියයට 90 ක් සිවිල් වැසියන් බව සඳහන් කර තිබෙනවා.

එපමණක් නොව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි සහ ඉස්ලාමීය රාජ්‍යයේ තවත් ජෙනරාල්වරුන් දෙදෙනෙකු මිය ගිය බවයි. ඉරානයට එහි අනෙකුත් ඉහළ නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ද අහිමි වුණා.

මේ අතර, ඊශ්‍රායලයේ, පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 390 දෙනෙකු තුවාල ලබා තිබියදීත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ තම රට යුද්ධය දිගටම කරගෙන යන බවයි. ඇමරිකානු ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෆොක්ස් නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී නෙතන්යාහු, ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීම සඳහා සිය හමුදා මෙහෙයුම දිගටම කරගෙන යන බව සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!