බ්‍රිතාන්‍යයේ M16 රහස් ඔත්තු සේවයේ ප්‍රධානි තනතුර පළමු වරට කාන්තාවකට

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට වසර 116ක් පැරණි විදේශ බුද්ධි සේවා ඒජන්සිය වන MI6 හි නායකත්වයට කාන්තාවක් පත්වීමට නියමිතය. බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් විසින් රහස් බුද්ධි සේවයේ නායකත්වය සඳහා බ්ලේස් මෙට්‍රෙවෙලි නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්ලේස් මෙට්‍රෙවෙලි වෘත්තීය බුද්ධි නිලධාරිනියක් වන අතර දැනට සේවය කරනු ලබන්නේ MI6 හි තාක්ෂණ ප්‍රධානියා ලෙසයි. 47 හැවිරිදි ඇය බ්‍රිතාන්‍යයේ රහස් බුද්ධි සේවයට සම්බන්ධ වුණේ 1999 වසරේදීය.

ඇගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇත්තේ යුරෝපීය හෝ මැද පෙරදිග රටවල සේවය කිරීම සඳහා ය.

මෙට්‍රෙවේලි මෙතෙක් බ්‍රිතාන්‍ය බුද්ධි සේවය තුළ හැඳින්වුණේ Q යන කේත නාමයෙනි. බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ද ගාඩියන් විසින් 2009 දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව ඔත්තු ඒජන්සියේ Q අකුර යනු “නව්‍ය තාක්‍ෂණය, උපක්‍රම සහ ඒ හා සමාන දේවල් සඳහා වගකිව යුතු” කණ්ඩායමක ප්‍රධානියා හඳුන්වනු ලබන කේත නාමයයි.

මෙට්‍රෙවෙලි ඇගේ නව තනතුර භාරගත් පසු ඇය C ලෙස හඳුන්වනු ලබනවා. 2009 වාර්තාවට අනුව C යනු ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා සඳහා කේත නාමයයි.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...