ආචාර්ය ගීතා ගෝපිනාත් ජනපති අනුර අතර ආර්ථිකය පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද (ජුනි 16) කොළඹදී ජනාධිපති අනුර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද හමුවූ අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වෙනවා.

ආචාර්ය ගෝපිනාත් මහත්මිය ප්‍රථමයෙන් ජනාධිපති දිසානායක මහතා හමුවූ අතර එහිදී දෙපාර්ශ්වයම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ දිරිගන්වන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

X හි සටහනක ඇය ජනාධිපතිවරයා හමුවීම සතුටක් බව පැවසූ අතර ශ්‍රී ලංකාවේ “ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශක්තිමත් ක්‍රියාකාරිත්වය” සහ මෙම ගම්‍යතාවය පවත්වා ගැනීමේ වැදගත්කම කෙරෙහි සිය සාකච්ඡාවලදී අවධානය යොමු කළ බවයි සඳහන් කර තිබුණේ.

මෙම ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ කැපවීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කල් පවතින ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ පැවති හමුවෙන් පසු ආචාර්ය ගෝපිනාත් මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ සාකච්ඡා සඳහා එක් වුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!