ටෙහෙරානයෙන් සියලු දෙනා වහාම ඉවත් වන්න… ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර මිලිටරි ගැටුම මධ්‍යයේ ටෙහෙරානයෙන් ඉවත් වන්නැයි එහි මිලියන නවයකට ආසන්න ජනතාවගෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා.

ට්‍රම්ප් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනතුරු ඇඟවීම් නැවත අවධාරණය කරමිනි.

“හැමෝම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුයි!” ට්‍රම්ප් කැනඩාවේ පැවති G7 සමුළුව අතරතුර ඔහුගේ Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

“ඉරානය මා ඔවුන්ට අත්සන් කිරීමට පැවසූ ‘ගිවිසුමට’ අත්සන් කළ යුතුව තිබුණු බවයි ට්‍රම්ප් එහි සඳහන් කර ඇත්තේ. “මොනතරම් ලැජ්ජාවක්ද, මිනිස් ජීවිත නාස්තියක්ද? සරලව කිවහොත්, ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි” එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!