ගීතයක් සොරකම් කළ බවට එඩ් ෂීරන්ට එරෙහි නඩුවේ තීන්දුව එයි

2014 වසරේදී ජනප්‍රිය වුණු එඩ් ෂීරන්ගේ ජනප්‍රිය ගීතයක් වන “Thinking Out Loud” ගීතය 1973 වසරේ ජනප්‍රිය වුණු මර්වින් ගේයිගේ සම්භාව්‍ය ගීයක් වන”Let’s Get It On” හි සංගීත ස්වර අනුකරණය කළ බවට චෝදනා කරමින් ගොනු කරන ලද ප්‍රකාශන හිමිකම් නඩුවක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගයේගේ ගීතයේ අයිතියෙන් කොටසක් හිමි ව්‍යුහගත වත්කම් අලෙවිකරණ ආයතනය විසින් (SAS) ගොනු කරන ලද නඩුව විභාග නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා. ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමේ නඩුවේදී ෂීරන් වගකිව යුතු නොවන බවට පහළ අධිකරණ තීන්දුව මෙම තීරණය සමඟ බලාත්මක වෙන බවයි සඳහන් වන්නේ.

ආයෝජන බැංකුකරුවෙකු වන ඩේවිඩ් පුල්මන් සතු SAS, ෂීරන් ගේයිගේ “Let’s Get It On” හි ප්‍රකාශන හිමිකම සහිත තනු සහ රිද්මය භාවිතා කළ බවට තර්ක කර තිබුණා.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ලුවී ස්ටැන්ටන් ෂීරන්, කොෆි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සංගීත අංග ඉතා සුලභ බව තීරණය කිරීමෙන් පසු 2023 දී නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබුවා. එහෙත් ප්‍රකාශන ආයතනය අභියානචයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමනු ලැබුවේ එම අභියාචනයයි.

“අපි අපේ ජීවනෝපායන් සඳහා බොහෝ වැඩ කර තිබියදී වෙනත් කෙනෙකුගේ ගීතයක් සොරකම් කළ බවට චෝදනා එල්ල වීම විනාශකාරීයි” එම තීන්දුවෙන් පසු ෂීරාන් උසාවියෙන් පිටත පැවසු බව සඳහන්ය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...