ඊශ්‍රායලය පහර දීමට ඉරානයෙන් මරාගෙන මැරෙන යානයක්

ඊශ්‍රායල-ඉරාන යුද්ධය අතරතුර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳුදා (ජුනි 16) දින නව අවිධිමත් අවියක් එළිදක්වා තිබෙනවා.

එය ෂාහෙඩ්-107 ලෙසයි නම් කර තිබෙන්නේ. ෂාහෙඩ්-107 සතුරු ඉලක්ක වලට එරෙහිව මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා භාවිතා කරන්නකි.

පිස්ටන් එන්ජිමකින් සමන්විත මෙම යානයට කිලෝමීටර් 1,500 කට වඩා වැඩි පරාසයක පියාසර කිරීමේ හැකියාව පවතී. මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයට ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියට සැලකිය යුතු හානියක් සිදු කළ හැකි බව සඳහන් වෙනවා.

මේ හැරුණු විට ඩ්‍රෝනය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් සඳහනක් මෙතෙක් සිදු කර නැහැ.

ඉරාන ඩ්‍රෝන යානයක් ඊශ්‍රායලයට පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුව මෙම යානය පිළිබඳ තොරතුරු සංසරණය වීමට පටන් ගැනුණා. ඩ්‍රෝන යානය ෂහෙඩ්-107 ට බෙහෙවින් සමාන බවයි පැවසුණේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!