ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ගිවිසුමකට එළැඹේ

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඊට අදාළ නිල අත්සන් තැබීමේ උත්සවය පැවැත්වුණේ ඊයේ (16) කොළඹ දීය.

ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමි කමිටුවේ සම – සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ප්‍රංශ ජනරජය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇතැයි ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගය දැක්වීමේදී එහි නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම මඟින් දායකත්වය ලබාදී ඇති බව එහි දැක්වෙනවා.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමඟින් හැකියාව ලැබී ඇතැයි ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල්, විලියම් රූස් මහතා විසින් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!