විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් පිටව යයි

කතානයක ජගත් වික්‍රමරත්න මහතා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබෙනවා.

අතිශයින්ම බරපතල වෙමින් පවතින මැදපෙරදිග අර්බුදය පිළිබඳව ප්‍රශ්නයක් මතු කිරීමට අවසර නොලැබුණු නිසා සභා ගර්භයෙන් පිටව යාමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වෙනවා.

එම සාකච්ඡාවට ව්‍යවසායක දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටි බව සඳහන්ය.

අද (17) දිනය තුළ සභාගර්භයට නැවත නොයෑමට මෙම පිරිස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!