WhatsApp නතර කිරීමට ඉරානය ගත් තීන්දුව ගැන සමාගමෙන් පණිවිඩයක්

ඉරාන රජය WhatsApp, Telegram ඇතුළු අනෙකුත් ස්ථාන පාදක සන්නිවේදන යෙදුම් භාවිතා කිරීම නවත්වන ලෙස ජනතාවට දැනුම් දීම පිළිබඳ WhatsApp සමාගම මේ වන විට සිය කණස්සලල පළ කර තිබෙනවා.

ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRIB වාර්තා කළ ආකාරයට ඉරාන රජය අඟහරුවාදා මෙම නිවේදනය සිදු කරමින් මෙම සන්නිවේදන යෙදුම් “පුද්ගලයින් හඳුනා ගැනීමට සහ ඉලක්ක කිරීමට ප්‍රධාන ක්‍රම” ලෙස ඊශ්‍රායලය යොදාගන්නා බව අවධාරණය කර සිටියා.

ඒ පිළිබඳ කණස්සල්ල පළ කරමින් WhatsApp සමාගම මෙම ව්‍යාජ වාර්තා අපගේ සේවාවන් අවහිර කිරීමට නිදහසට කරුණක් වීම පිළිබඳ සැලකිලිමත් වන බව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

සමාගම වැඩි දුරටත් පවසන්නේ WhatsApp පරිශීලකයින්ගේ නිශ්චිත ස්ථානය නිරීක්ෂණය නොකරන බවත් සියලුම පණිවිඩ එක් අන්තයක සිය අනෙක් අන්තයට සංකේතනය කර ඇති බවත්ය.

ඒ අනුව යවන්නා සහ ලබන්නා හැර වෙනත් කිසිවෙකුට එම පණිවිඩ වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නැති බවයි සමාගම පෙන්වා දෙන්නේ.

“පණිවිඩ යවන සෑම කෙනෙකුගේම ලොග් අප තබා ගන්නේ නැහැ. මිනිසුන් එකිනෙකාට යවන පුද්ගලික පණිවිඩ අප නිරීක්ෂණය කරන්නේ නැහැ.” යනුවෙන් සමාගම පවසනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...