සීසීඩී ලොක්කගේ කීමට ලේඛන ටිපෙක්ස් කළ බවට දේශබන්දු කමිටුවේදී අනාවරණයක්..

මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා පවසා තිබෙනවා.

ඒ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇති ඉන්වර්ඩ් සහ අවුට් වර්ඩ් ලේඛනයේ 2023.12. 29 දින දත්ත ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනිදා මාතරට යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439 ට අදාල දත්ත යනුවෙන් වෙනස් කෙරැණු බවයි ඔහු පවසන්නේ.

ලේඛනය ටිපෙක්ස් කර ඇති හෙයින් එය නැවත සකස් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතා උපදෙස් දුන් බව ඔහු කියා සිටියා.

අදාල රථයෙන් පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සියලු දෙනා යළි පැමිණියාදැයි කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරැ සඳහන් කළේ, උපුල් මහතා පමණක් නොපැමිණි බවත් පැමිණියේ ඔහුගේ මළ සිරුර බවයි. අනෙක් සියලු දෙනා පැමිණි බවද ඔහු එහිදී කියා සිටියා.

පෙර සඳහන් කළ ලේඛනය යළි සකස් කිරීම නිත්‍යානුකූලදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු පිළිතුරු ලබා දී තිබුණේ නැත යනුවෙනි.

එහිදී ලේඛනය ටිපෙක්ස් කළේ කවුදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී පුල්ලපෙරුම මහතා සඳහන් කළේ, අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි ඉනෝකා නමැති නිලධාරිනිය එය කළ බවයි. නෙවිල් ද සිල්වා මහතා විසින් ලේඛනය වෙනස් කිරීමට පැවසූ බැවින් එය වෙනස් කළ බවත් මෙය බරපතළ සිදුවීමක් බවට දැන් වැටහෙන බවත් ඔහු පෙන්වාදෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!