අලුයම ආධාර ට්‍රක් එනතුරු බලා සිටි පලස්තීනුවන් 51ක් ඊශ්‍රායල ප්‍රහාරයකින් අවසන් ගමන් යයි

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස්හි ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ප්‍රහාරෙයෙන් මිය ගොස් ඇත්තේ අලුයම ආධාර ට්‍රක් එනතුරු මඟ බලා සිටි සිවිල් වැසියන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදුවන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බව සඳහන්ය.

ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවද මේ අතර වාර්තා වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ගාසා තීරයේ සති 11 ක සම්පූර්ණ අවහිරය ඉවත් කර ආධාර නැවත ඇතුළු වීමට ඉඩ දීමෙන් පසු ආධාර මධ්‍යස්ථාන අසල පලස්තීනුවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව සඳහන්ය.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...