කෙහෙලිය, බිරිඳ, දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී සහ දියණිය චන්දුලා රඹුක්වැල්ල අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලද මින් පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැරුණා.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනෙක් නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අති කාලදීමනා ලබාදීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කළ බවට ඇති චෝදනා සම්බන්ධයෙනි.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...