රට වැටෙන බව අවුරුදු 2කට කලින් දැන සිටියා.. කියන්න හිටියේ බිරිඳ විතරයි… මුදල් ලේකම්

රට වැටෙන බව කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට සිය බිරිඳ හැර වෙන කිසිවකු නොසිටි බව මුදල් අමාත්‍යාංශේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය ධුරයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවය අමතමින් පවසා තිබෙනවා.

ඒ පිළිබඳ තමන් මුදල් මණ්ඩලය දැනුම්වත් කළ ද කිසිවකු ගණන් ගත්තේ නැති බවත් ඒ මානසික පීඩනය තවමත් දැනෙන බවද සිරිවර්ධන මහතා එහිදී කියා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ පැවති උත්සවයේදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළා. “අප්‍රේල් 08 වැනිදා මම වැඩ භාර ගත්ත දවසේ නෙවෙයි, මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා. මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම ගවර්නර්ට කිව්වා. ගෙදර ගිහින් හැමදාම මම කිව්වේ මගේ බිරිඳට. ඒ මානසික පීඩනය තවමත් දැනෙනවා.

මේ අර්බුදය සමඟ මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්. මම මේක දැනගෙන හිටියා. මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ. මුදල් මණ්ඩලය ගණන් ගත්තේ නැහැ. ඒ දවසවල හිටපු අධිපතිවරු ගණන් ගත්තේත් නෑ. මේ තත්ත්වය එනව කියලා සක් සුදක් සේ පැහැදිලි වුණා. නමුත් ඒ අනතුරු ඇඟවීම්වලට නිසි අවධානයක් යොමු වුණේ නැහැ. මේ අර්බුදයේ 2020 සිට අද වෙන තුරු ඉන්න එකම ජ්‍යේෂ්ඨයා මම වෙන්න පුළුවන්. ඒ අත්දැකීම්වලින් තමයි මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ.”

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...