තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස් ජීන් කාට්නර්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය කැළඹීමට හේතු වී තිබෙනවා.

ඔහු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ බෙදාගත් මෙම ඡායාරූපය ඔහුගේ මිලියන සංඛ්‍යාත රසිකයන්ගේ කම්පනයට හේතු වුණා.

එක්තරා වකවානුවක තරුණියන් අතර උන්මාදයක් වු නික්ගේ මෙම ඡායාරූපයේ ඔහුගේ පෙනුම ඇදහිය නොහැලි ලෙස වෙනස් වී තිබීම ඊට හේතුවයි.

එම ඡායාරූපයේ ඔහු දැඩි ලෙස කෘෂව ගොස් ඇති ආකාරය දැකගත හැකියි. බොහෝ දෙනෙක් ඔහු කිසියම් රෝගයකින් පෙළෙමින් සිටින බවට බිය පළ කර තිබෙනවා. තවත් සමහරු ඔහු වහාම ඔහුගේ ආහාර පාලනය නතර කර දැමිය යුතු බවයි සඳහන් කර තිබුණේ.

Latest News

error: Content is protected !!