ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි වකවානුවේ ආන්දෝලනයට තුඩුදුන් මානව ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන්ට පිළිකා නාශක ඖෂධයක් ලෙස ලබා දෙන රිටොක්සිමැප් නම් ඖෂධය තුළ ලුණු මාරාන්තික විෂ සහ බැක්ටීරියා හැර ඖෂධීය කිසිවක් නැති බව ජර්මානු රසායානාගාරයකින් තහවුරු වී හමාරය.

එම ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළියගේ දුව ඊයේ (20) අධිකරණ භූමියෙන් පිටව ගියේ මාධ්‍යවෙදීන්ගෙන් ඔයාලට ඇති වෙලා නැද්ද අනේ අපිවම අරගෙන යැ‍යි අසමිනි.

මේ මුළු රටේම ආදරය දිනාගත් කලාකරුවකු වූ ගිරිරාජ් කෞෂල්යගේ දියණිය අමන්ද්‍ය උත්පලී ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහනයි.

ඇයි අනේ ඔයාල අපිවම අල්ලන්නේ යැයි අසන කෙහෙළියගේ දෝණියට මෙය කියවීමෙන් පසු හෝ එයට පිළිතුරක් ලැබේවා!

“කෙහෙළිය ට ලියමි!

පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.

හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත් එක්ක රාජගිරියේ shop එකක. එවෙලෙම prescription එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම call කර කර බෙහෙත හොයන්න ගත්තා. හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා. මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කමට shop එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාලුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණ contact එකකින්, එකම එක pharmacy යක බෙහෙත තියෙනවා කියලා දැන ගන්න ලැබුණට අදාළ brand එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ. ඒත් Doctor කිව්වා තියන එක ගේන්න තාත්තා ට ඉක්මනටම බෙහෙත දෙන්න ඕනේ කියලා. Vial 7ක් ගන්න රු. 420,000.00 මුදලක් ගියා. එදා ඉදන් දවස් 3ක් ඒ බෙහෙත ඕනේ උණා. ලක්ෂ 15කට ආසන්න ගානක් ඒ දවස් තුනට විතරක් අපිට වියදම් උණා.

එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG (Iv human immunoglobulin) කියන බෙහෙත.

කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි!”

ජර්මානු රසායනාගාරයක සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණවලදී ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ අඩංගු, සේලයින් හා මනුෂ්‍යාට අහිතකර සහ මාරාන්තික විය හැකි බැක්ටීරියා පමණක් බවත් කිසිදු ඖෂධීය ද්‍රව්‍යයක් නොමැති බව අනාවරණය වූ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහගමගේ මහත්මිය ඊයේ (ජුනි 19) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙනු ලැබුවා.

නීතිපතිවරයා විසින් අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කරමිනි.

මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම, පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.

පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

නඩුව නැවත ජූලි 16වැනිදා කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පළවන සැකකරු එම දිනය තෙක් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.

Latest News

More like this

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...

නස්රියා නසීම් ෆහාද් මානසික කඩාවැටීමක

නස්රියා නසීම් ෆහාද් දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ වඩාත්ම ආකර්ෂණීය...
error: Content is protected !!