තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි උපන්දිනය යෙදෙන්නේ මැයි 22 වෙනිදාටය. ඒ නිමිත්තෙන් නිකුත් කළ ඔහු අවසන්වරට රංගනයෙන් දායක වූ ‘ජන නායගන්’ චිත්‍රපටයේ පෝස්ටරය ඔහුගේ රසිකයන් අතර ආශ්වාදයට හේතු වුණා.

එච්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ අනිරුද් රවිචන්දර් විසින් සංගීතය සපයන මෙම චිත්‍රපටය 2026 ජනවාරි 9 වන දින සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

මෙය ට සමගාමීවජන නායගන් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටයද නිකුත් කර තිබෙනවා. “The First Roar” නම් කෙටි පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් හි මේ වන විට නැරඹූ ප්‍රමාණය මිලියන 9.8 කට අධිකය.

පොලිස් ඇඳුමින් සැරසුණු විජේ, ලේ වලින් තෙත් වූ දෑත් සහ කඩුවක් රැගෙන ගිනි දැල් පිරුණු නගරයක් හරහා ගමන් කරන ආකාරය පූර්ව ප්‍රචාරකපටයෙහි ඇතුළත්ය.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...