ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති වැඩසටහන සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ප්‍රදානයක්

පිරිසිදු, විශ්වාසදායක සහ දැරිය හැකි බලශක්ති ප්‍රභවයන් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය වීම සඳහා ලෝක බැංකු සමූහය ඊයේ (21) ඇමරිකානු ඩොලර් මිලියන 150 ක නව වැඩසටහනක් අනුමත කර ඇති බව වාර්තා වෙනවා.

මිල අධික පොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩු කිරීම සහ සූර්ය හා සුළං බලශක්තීන් දෙසට මාරුවීම වේගවත් කිරීමට සහාය වීම මෙම නව වැඩසටහනෙහි අරමුණයි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා පවුල් සහ ව්‍යාපාර සඳහා පිරිසිදු, දැරිය හැකි විදුලිය ලබා දීමට උපකාරී වනු ඇති බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසනවා.

මෙම හවුල් දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශය යන දෙකම සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම වැඩසටහන මඟින් විදුලිබල පද්ධතියට ගිගාවොට් එකක් පිරිසිදු විදුලිය එකතු කරන කරනු ලබනවා. එමඟින් 2030 වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සියයට 70 ක් විදුලිය ජනනය කිරීමේ ඉලක්කයට සමීප වනු ඇති. මෙම වැඩසටහන මගින් ඇමරිකානු ඩොලර් මිලියන 800 කට වඩා පුද්ගලික ආයෝජන රැස් කිරීමට ද අපේක්ෂා කරන අතර එමඟින් විදුලි පිරිවැය අඩු කිරීමට සහ පවුල් සහ ව්‍යාපාර සඳහා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට ද අපේක්ෂා කරනු ලබනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!