සහෝදරයෙක් නැති මගේ සහෝදරයින් වන්නේ මාධ්‍යවේදීන්… ජන මාධ්‍ය ඇමති නලින්ද

සහෝදරයෙක් නොමැති තමන් සහෝදරයින් ලෙස සලකන්නේ මාධ්‍යවේදීන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා පවසා තිබෙනවා.

ඇමතිවරයා ඊයේ(21) මේ බව පවසා සිටියේ කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.

තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය අමාත්‍ය ධුරය වැනි වගකීම් රැසක් හිමිවීම පිටුපස මාධ්‍යවේදීන්ගේ උනන්දුව කැපවීම, ලෙන්ගතුකම පැවති බවද අමාත්‍යවරයා මෙහිදී හරෘද්‍යාංගමව සිහිපත් කර සිටියා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවෙන බවත්, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බවයි.

තවද මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක් ඇති කිරීමට කටයුතු සම්පාදනය කරන බවද පැවසු නලින්ද මහතා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් මාධ්‍ය උන්නතිය සඳහා වෙන්කර ඇති බව ද පෙන්වා දුන්නා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!