මෑතකදී ඔහුගේ සිකන්දර් චිත්‍රපටයේ ඔහුට වඩා තෙගුණයකින් පමණ බාල රශ්මිකා මන්දනාගේ පෙම්වතා ලෙස ද ප්‍රබල නිරූපනයක් කළා.
ඔහු මෑතකදී ද ග්‍රේට් ඉන්දියා කපිල් ෂෝ වැඩසටහනෙහි නැවත ආරම්භය සනිටුහන් කළ වැඩසටහනේ දී කිසිදා සිදු නොවුණු ඔහුගේ විවාහය පිළිබඳව මෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ආන්දෝලනතාමක හෙළිදරව්වක් සිදු කළා.
එහිදී සඳහන් කළ ආකාරයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන අතර ඔහු දුර්ලභ ගණයේ ස්නායු රෝගයකට ගොදුරු වී සිටින බව හෙළිදරව් වුණා.
ඔහු මේ වන විට ගොදුරුවී සිටින්නේ Trigeminal ස්නායු ආබාධයටයි. එමෙන්ම ඔහු AV විකෘතිතාව යන රෝගයටද ගොදුරු වී සිටිනවා. Trigeminal ස්නායු ආබාධය යනු මුහුණේ ඇතිවන හදිසි දරුණු වේදනාවක්ය. එය දරුණු ප්‍රහාරයක් හෝ විදුලි කම්පනයක් වැනි වේදනාවක් දැනෙන තත්ත්වයකි. බොහෝ අවස්ථාවන්හිදී එය මුහුණේ එක් පැත්තකට හෝ සම්පූර්ණ මුහුණට බලපාන අතර මුහුණේ පහළ කොටසට වේදනාවක් දැනෙන රෝගයක් ලෙසයි සැලකෙන්නේ.
AVM (ධමනි ශිරා විකෘතිතාව) ධමනි සහ ශිරා අතර සම්බන්ධතා සමඟ ගැටළු ඇති කරන රුධිර නාල වල අසාමාන්‍ය තත්වයක් වන අතර AVM බොහෝ විට කොඳු ඇට පෙළේ සහ මොළයේ හෝ ශරීරයේ වර්ධනය වන තත්ත්වයකි. සමහර අවස්ථාවලදී, දුර්වල වූ රුධිර නාලයක් පුපුරා ගොස් මොළයට රුධිරය කාන්දු විය හැකි ආඝාතමය තත්වයන් පවා ඇති කරන්නකි.එමෙන්ම තමන් මොළයේ රුධිර නාළිකාවක් ඉදිමීම (brain aneurysm) යන තත්ත්වයටද ගොදුරු වී සිටින බව ඔහු කියා සිටියා.
“සෑම දිනකම මගේ ඇටකටු කැඩී යනවා, ඉළ ඇට කැඩී යනවා. නමුත් ස්නායු ආබාධයක් තිබියදීත් මම තවමත් වැඩ කරනවා. AVM විකෘතියක් ද ඇති අතර තවමත් මම වැඩ දිගටම කරගෙන යනවා.” යැයි වැඩසටහන අතරතුර සල්මන් සඳහන් කළේ ඔහුගේ රසිකයින් දැඩි කම්පනයට ලක් කරමිනි.