විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව යමින් සිටියදී 27 හැවිරිදි මනාලියක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රාදේශීය බලධාරීන්ගේ වාර්තාවකට අනුව දේශීය වේලාවෙන් අලුයම 4.30 ට සිදු වූ මෙම ප්‍රහාරයෙන් 25 හැවිරිදි ඇගේ සැමියා සහ 13 හැවිරිදි දරුවෙකු ද බරපතල තුවාල ලබා ඇති බවයි ප්‍රකාශ වුණේ.

මෙම යුවළ යුග දිවියට එළැඹුනේ පසුගිය 21 වැනි සෙනසුරාදා දිනයේය.

ගිනිකොනදිග ප්‍රංශයේ අවිග්නොන් නගරයේ නැගෙනහිරින් පිහිටි ගම්මානයක් වන ගෝල්ට් හි පැවති විවාහ උත්සවයෙන් අනතුරුව මනාළිය හා මනාළයා පිටව යන අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු වූ බවයි වාර්තා වන්නේ. එම උත්සවයට ඔවුන්ගේ පවුලේ නෑ හිත මිත්‍රාදීන් ඇතුළු අමුත්තන් 100ක පමණ ප්‍රමාණයක් සහභාගී වී සිටි බව සඳහන්ය.

ඔවුන්ගේ පිටුපසින් පැමිණි වාහනයක් මාර්ගය අවහිර කර වෙඩි තැබීම සිදු කළ බවත් ඔවුන් හිස් ආවරණ පැළඳ සිටි බවත් වාර්තාවල සඳහන් වෙනවා.

ගෝල්ට් යනු නිහඬ ගම්මානයක් වන අතර එය කිසිදා මෙවැනි සිදුවීම් අත්විඳ නොමැති නගරයක් බවයි පැවසෙන්නේ. පැය 24ක් ඉකුත් වූ පසුවත් නගරයේ ජනතාව කම්පනයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!