BTS, Suga ඔටිසම් දරුවන් වෙනුවෙන් හදන රෝහලට ලොව පුරා රසිකයින් පැය24 ක් තුළ එවූ මුදල් සම්භාරය

හමුදා සේවය නිමා කර පැමිණි BTS, Suga ඔහුගේ ප්‍රමුඛතම කාර්යයන් අතර විශේෂ අවධානයක් ලබා දී තිබුණේ ඔටිසම් දරුවන් සඳහා වන ඔහුගේ චිකිත්සක වැඩසටහනට වෙතටයි.

එහිදී Suga ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා සංගීතය පදනම් කරගත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කරන මින් යුන්ගි ප්‍රතිකාර මධ්‍යස්ථානය ගොඩ නැගීම සඳහා වොන් බිලියන 5ක පරිත්‍යාග කර සිටියා.

මොහොතකින් ලොව පුරා ඔහුගේ රසිකයින් එම වැඩසටනට සහාය දැක්වීමට පටන් ගත් අතර පැය 24ක් ඇතුළත ව්‍යාපෘතිය වෙත වොන් මිලියන 200ක (ඇමරිකානු ඩොලර් 145,000 ආධාර එකතු වී තිබුණා.

ලොව පුරා BTS වෙත ආදරය කරන රසිකයින් හෙවත් BTS හමුදා එක් වී පැය හයකදී වොන් මිලියන 100ක් එකතු කරන ලද බව වාර්තා පවසනවා.

මින් යුන්ගි ප්‍රතිකාර මධ්‍යස්ථානය (‘Min Yoongi Treatment Center’) ලෙස නම් කර ඇති සහ දැනට ඉදිවෙමින් පවතින නව මධ්‍යස්ථානය 2025 සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතය.

එයට ළමා මානසික සෞඛ්‍ය සේවා සඳහා කැපවූ පහසුකම්, භාෂාව හැසිරීම සහ චිත්තවේගීය සංවර්ධනය සඳහා ප්‍රතිකාර ලබා දීම ඇතුළත් වන බවයි පැවසෙන්නේ.

කොරියානු සමාජ මාධ්‍ය පරිශීලකයින් විවිධ භාෂා වෙත පරිවර්තනය කරමින් පරිත්‍යාග කිරීමේ උපදෙස් බෙදා ගනු ලැබූ බව ද සඳහන්ය.

Latest News

More like this

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...

ජනප්‍රිය දකුණු කොරියානු නිළිය සමුගනී

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි (Lee Seo-yi) වයස අවුරුදු...
error: Content is protected !!