ශානි යළි CID ලොකු පුටුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසම මින් පෙර ලබා දුන් නිර්දේශ ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකරනු ලැබුවා.

ශානි අබේසේකර මහතා මීට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අබේසේකර මහතා වර්තමාන රජය යටතේ සේවා දිගුවක් ලබාගෙන නැවත පොලිස් සේවයේ පිහිටුවනු ලැබූ කිරීත්මත් නිලධාරියෙකි. ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවේ ඉන්පසුවය.

විශ්‍රාම යෑමට පෙර ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ දක්ෂ නිලධාරියෙකි.

දේශපාලන බලපෑම් මත යටගිය අපරාධ ගණනාවක් වර්තමාන රජය යටතේ නැවත විමර්ශන ආරම්භ කර ඇති අතර, එම අපරාධවලින් බහුතරයක් සිදු කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!