විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව යමින් සිටියදී 27 හැවිරිදි මනාලියක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රාදේශීය බලධාරීන්ගේ වාර්තාවකට අනුව දේශීය වේලාවෙන් අලුයම 4.30 ට සිදු වූ මෙම ප්‍රහාරයෙන් 25 හැවිරිදි ඇගේ සැමියා සහ 13 හැවිරිදි දරුවෙකු ද බරපතල තුවාල ලබා ඇති බවයි ප්‍රකාශ වුණේ.

මෙම යුවළ යුග දිවියට එළැඹුනේ පසුගිය 21 වැනි සෙනසුරාදා දිනයේය.

ගිනිකොනදිග ප්‍රංශයේ අවිග්නොන් නගරයේ නැගෙනහිරින් පිහිටි ගම්මානයක් වන ගෝල්ට් හි පැවති විවාහ උත්සවයෙන් අනතුරුව මනාළිය හා මනාළයා පිටව යන අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු වූ බවයි වාර්තා වන්නේ. එම උත්සවයට ඔවුන්ගේ පවුලේ නෑ හිත මිත්‍රාදීන් ඇතුළු අමුත්තන් 100ක පමණ ප්‍රමාණයක් සහභාගී වී සිටි බව සඳහන්ය.

ඔවුන්ගේ පිටුපසින් පැමිණි වාහනයක් මාර්ගය අවහිර කර වෙඩි තැබීම සිදු කළ බවත් ඔවුන් හිස් ආවරණ පැළඳ සිටි බවත් වාර්තාවල සඳහන් වෙනවා.

ගෝල්ට් යනු නිහඬ ගම්මානයක් වන අතර එය කිසිදා මෙවැනි සිදුවීම් අත්විඳ නොමැති නගරයක් බවයි පැවසෙන්නේ. පැය 24ක් ඉකුත් වූ පසුවත් නගරයේ ජනතාව කම්පනයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...