එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගිය දා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා මෙරට සිය සිව් දින නිල සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්මත වෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි.

එසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී නොමැතිි බවයි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික විවාහ නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ වෙනස් කිරීමට නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් එම වගන්ති සංශෝධනය කළ යුතුව තිබෙනවා.

එලෙස එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ ද ජාතික ජන බලවේග රජය විපක්ෂයේ සිටියදී සමරිසි ප්‍රජාවන්ගේ සමලිංගික විවාහ නීති ගත කිරීමට අදාල මතයන්ට සහයෝගය දැක්වීය.

පසුගිය වසරේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේදී ප්‍රේමනාත් දොලේවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය දෙන බවයි.

එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් මෙම එම පනත් කෙටුම්පත බල රහිත වී තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2019 ජනාධිපතිවරණ පැවති අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන අසාමානතා අහෝසි කරන බවට පොරොන්දු වූයේ එසේ පොරොන්දුවක් ලබා දුන් ප්‍රථම ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙමිනි.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...