ඉන්දීය සිනමාවට වාසනාව ගේන නූතන ශ්‍රීදේවිය

නැෂනල් ක්‍රෂ් එකේ සිට රුපියල් බිලියන ගණනක ආදායම් උපයන්නී ලකී ටැග් එක දක්වා පැමිණි ඇය රශ්මිකා මන්දනාය.

කොලිවුඩය පමණක් නෙවෙයි බොලිවුඩයෙත් ඇයගේ බොක්ස් ඔෆිස් වාර්තා අසමසමය.

මේ වන විට ඇගේ බ්ලොක් බස්ටර් චිත්‍රපටය බවට පත් වෙමින් තිබෙන්නේ කුබේරාය. කුබේරා නිකුත් වී දින තුනක් ඇතුළත රුපියල් කෝටි 50 ක ආදායමක් උපයා ගැනීමට ඊට හැකි වුණා.

2024 දී ලොව පුරා කෝටි 1,742 කට වඩා උපයා ගනිමින් සියලු අපේක්ෂාවන් අභිබවා යාමට සමත් වූ ඇගේ චිත්‍රපටය වූයේ Pushpa-2 The Rule චිත්‍රපටයයි. අල්ලු අර්ජුන් සමඟ එම චිත්‍රපටය සියලු කාලයන්ට අදාළව දෙවන වැඩිම ආදායම ඉපයූ ඉන්දියානු චිත්‍රපටය බවට පත් වුණා.

2023 දී ඇය රන්බීර් කපූර් සමඟ ඇනිමල් හි රංගනයෙන් දායක වූ අතර එය ඉන්දියාවේ කෝටි 500 ක් ඉක්මවා ගිය ආදායමක් වාර්තා කර තිබුණා. එමෙන්ම බොලිවුඩයේ ඇගේ සලකුණ තැබූ චිත්‍රපටයද එයයි.

2025 වසරේ මුල් භාගයේ ඇය නැවත කතා බහට ලක් වන්නේ විකී කෞෂාල් සමඟ චාවා චිත්‍රපටයෙනි. 2025 වසරේ විශාලතම චිත්‍රපටය බවට පත් වෙමින් එය ලොව පුරා ඉපයූ ආදායම මේ වන විට කෝටි 700 ඉක්මවා ගොස් තිබෙනවා.

කුබේරා දින 30 ක් තුළ කෝටි 50ක් වාර්තා කිරීම සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු එක්තරා උත්සවයකදී නාග් අර්ජුන් ඇය හඳුන්වන්නේ නූතන ශ්‍රීදේවිය ලෙසයි. මට සෑම රූප රාමුවකින්ම ඔබගෙන් ඇයව පේනවා යැයි පවසා තිබුණා.

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!