වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන 300ක් පමණ එම වාහන ගෙන්වා ඇති රටවලට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති ආකාරයට එම වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී බදු මඟහැර යාම සඳහා නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් ගෙන්වා ඇති බවයි සඳහන් වන්නේ.
තෙවැනි රටක ලිපිගොනු මත මෙම වාහන ගෙන්වා ඇති බවට පුළුල් විමර්ශනයකින් අනාවරණය වීමෙන් පසුව මෙම වාහන තොගය නිදහස් කිරීම රේගුව අත්හිටුවා තිබෙනවා.
නිදහස් කිරීම අත්හිටුවා ඇති වාහන තොගයෙන් වාහන බොහොමයක් මෙරට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වුවුවත් අදාළ ණයවර ලිපි විවෘත කර ඇත්තේ සිංගප්පූරුව සහ ඩුබායි වැනි තෙවැනි පාර්ශවයේ රටවල බැංකුවලින් බවයි පැවසෙන්නේ.
එමගින් එම වාහනවල සැබෑ මිල ගණන් වෙනස් වී තිබෙන බව ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙරටට ගෙන්වන වාහනයක් නැව්ගත කිරීමට පෙර සිදු කරන පූර්ව පරීක්ෂා කිරීමේ සහතික මෙරටට එවිය යුත්තේ වාහනය නැව්ගත කරනු ලබන රටේ බැංකුවක් විසිනි.
එහෙත් රේගුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ජපාන බැංකු පූර්ව පරීක්ෂා කිරීමේ සහතික අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඊට හේතුව වී ඇත්තේ එම වාහනවල බිල්පත්වල සඳහන් මිල සහ වෙන්දේසිය සඳහන් මිල අතර වෙනසක් තිබීම වන අතර ඒ හේතුවන් විමර්ශනවලදී එම වාහන තොගය ගෙන්වා ඇත්තේ නියමිත මිල සඟවමින් බවට රේගුවට මතු වූ සැකය අනුව මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබූ බවයි සඳහන් වෙන්නේ.
මේ අනුව නිදහස් කිරීම් අත්හිටුවා ඇති වාහන තොගයේ සැබෑ වටිනාකම සඳහන් කර ඇති මිලට වඩා විශාල වශයෙන් වැඩි බව රේගුවේ විශ්වාසය වී තිබෙනවා
මෙම තත්ත්වය මත වාහන තොගය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග මොනවාදැයි ආනයන පාලකවරියගෙන් විමසා ඇති බව ද සඳහන් ය.
එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් වාහන නිදහස් කිරීමට බලාපොරොත්තු නොවන අතරම පවතින නීති යටතේ වාහන ගෙන්වූ ආනයනකරුවන්ට දඩ පැනවීම සිදුකළ නොහැකි බවද රේගු ආරංචි මාර්ග පවසනවා.
වාහන සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ වාහන ආනයනය කරන රටවලට ඒවා නැවත ප්‍රති අපනයන කිරීම බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.