ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි ජරිවාලා හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මිය යන විට ඇගේ වයස අවුරුදු 42කි. හෘදයාබාධයට ලක් වීමෙන් අනතුරුව ඇය මුම්බායිහි රෝහලකට ඇතුළත් කරනු ලැබුවද ඇතුළත් කිරීමට පෙර ඇය මියගොස් සිට ඇති බව වාර්තා පවසනවා.

ඇයගේ සැමියාවන රංගන ශිල්පී පරාග් ත්‍යාගි විසින් ඇයව රෝහලට ඇතුළත් කළ බව සඳහන් ය.

ඇගේ හදිසි මරණය බොහෝ රසිකයින්ට විශ්වාස කළ නොහැකි පුවතක් බවට පත්ව තිබුණු අතර ඇගේ අවසන් ඉන්ස්ටග්‍රෑම් සටහන බෙදා ගනිමින් ඔවුන් ශෝක ප්‍රකාශකර ඇති ආකාරය දැකගත හැකියි.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...