“බිරිඳක් කන්‍යාවක් ලෙස දකින්න එපා” ප්‍රියංකාගේ කතාවේ ඇත්ත නැත්ත

“බිරිඳක් කන්‍යාවක් ලෙස සොයන්න එපා. හොඳ පුරුදු ඇති බිරිඳක් සොයාගන්න. කන්‍යාභාවය එක රැයින් විනාශ වේ. නමුත් හොඳ පුරුදු සදහටම පවතී”

මෙය පසු ගිය කාලයේ ප්‍රියංකා චොප්රා විසින් ප්‍රකාශ කරන ලද්දැක් යැයි සමාජ මාධ්‍යවල බෙහෙවින්ම ප්‍රචාරය වූ වැකියකි.

එම ප්‍රකාශය කරන ලද බවට වන ප්‍රියාංකාගේ යැයි කියන හඬ පටයක්ද සමාජ මාධ්‍යවල වෛරල් වී තිබුණා.

මෙම ප්‍රකාශයට ඉන්දීය සමාජයෙන් ප්‍රියංකාට ලැබී තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාර නොවේ.

ස්ත්‍රිය පිළිබඳ සම්ප්‍රාදායික චින්තනයක් සහිත ඉන්දීය සමාජය මෙම ප්‍රකාශය හාස්‍යයට ලක් කරතිබූ අතර ප්‍රියංකාට විවිධ ආකාරයෙන් අපහාස මතු කිරීමටද එය යොදා ගෙන තිබුණා.

කෙසේ වෙතත් ප්‍රියංකා ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා මෙම අසත්‍ය ප්‍රචාරයට එරෙහි වෙමින් ප්‍රකාශ කළේ මෙම ප්‍රකාශය සහ ඇගේ හඬ AI ඔස්සේ කෘතිමව නිර්මාණය කරනු ලැබූවක් බවයි.

“මේ මම, මා විසින් ප්‍රකාශ කරන ලද්දක් හෝ මගේ හඬ නොවේ. එය ඔන්ලයින් ඇති පමණින් එය සත්‍ය නොවේ. ව්‍යාජ අන්තර්ගතයන් නිර්මාණය කිරීම දැන් වෛරල් වීමට පහසු ක්‍රමයකි.”

ඇය එහිදී වැඩිදුරටත් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් අන්තර්ජාලය හරහා දකින අන්තර්ගතය විශ්වාස කිරීමට හෝ බෙදා ගැනීමට පෙර විවේචනාත්මකව සිතන ලෙසයි.

“එවැනි අන්තර්ගතයක් පරීක්ෂා කිරීමට මිනිත්තුවක් ගත කරන්න. ඔබ පසුකර යන සියල්ල විශ්වාස නොකරන්න. මාර්ගගත ලෝකයේ ආරක්ෂිතව සිටින්න.” ඇය කියා තිබෙනවා.

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!