රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ කින්ග් ඛාන් හෙවත් සුපිරි නළු ෂාරුක් ඛාන් සහභාගීමට නියමිත බව වාර්තා වෙනවා.
උත්සවයේ සංවිධායක මණ්ඩලයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ඒ සඳහා ඔහුට දැනටමත් ආරාධනා කර අවසන්ය.
ෂරුක් ඛාන් ආරාධනාව නිල වශයෙන් පිළිගත් පසු ඒ පිළිබඳ ඉතාමත් ඉක්මනින් මාධ්‍යවලට දැනුම් දෙන බවයි ඔවුන් කියා සිටින්නේ.
කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් එළැඹෙන අගෝස්තු 2 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ජෝන් කීල්ස් සමූහය, මෙල්කෝ රිසෝස්ට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් යටතේ ඉදි වූවකි. මෙම ව්‍යාපෘතියට ජ්‍යාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක් නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් හා ජීවන රටාවකට අවශ්‍ය සියලු දේ ඇතුළත් ය.
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතියට මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජන ද වේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි කාමර හා නිවාස 800ක් තිබෙන අතර ඉන් 687ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේද යටතේ ද සුඛෝපභෝගී කාමර 113ක් නුවා සම්මානය යටතේද පවතිනවා.
ෂාරුක් ඛාන් ආරධනාව පිළිගතහොත් ඔහු මෙරටට පැමිණෙන්නේ වසර 21කට පසුවය. අවසන් වරට 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකාවට පැමිණි අතර ප්‍රසංගය අතරතුර ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් නියමිත වේලාවට පෙර ප්‍රසංගය අවසන් කර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.