යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට ඊයේ (30) දැනුම් දී සිටියා.

ඒ අනුව පනතේ එම වගන්ති ක්‍රියාත්මක කිරීමට නම් ඒවාට විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති අධිකරණ නිර්ණායක වලට අනුකූලව සංශෝධනය කළහොත් එම පටහැනි තත්ත්වය ඉවත්ව යන බව ද අධිකරණ තීන්දුවේ සඳහන් ය.

නියෝජ්‍ය කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ යෝජිත විදුලි පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

8(2) වගන්‍තියෙහි සඳහන් කමිටුවේ සාමාජිකයන් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ වගකිව යුතු බවට යන්න යෝග්‍ය පරිදි සංශෝධනය කළ යුතුය.

එමෙබන්ම 13 (1) (ඇ) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකදී ජනතාව අනුමත කළ යුතුය.

කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි අදාළ වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇති බවයි සඳහන් වෙන්නේ.

Latest News

More like this

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...