රතු ලේබලය යටතේ අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් 37ක් නිකන්ම නිදහස් කරලා… මුජිබර් ජනපති කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ දිගහරී

අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යෙන්ම ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් එකසිය පනස් එකක් අතරින් තිස් හතක් කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) සඳහන් කර සිටියා.

ඔහු මේ බව අනාවරණය කළේ පරීක්ෂා නොකර බහාලුම් 309ක් රේගුවෙන් නිදහස් කරන ලදැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ අවසන් වාර්තාවේ ඒ බව සඳහන් වන බව පවසමිනි.

ආණ්ඩුව මෙම කමිටු වාර්තාව ඉදිරිපත් නොකර සඟවාගත් හෙයින් තමා වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවද රහුමාන් මහතා මෙහිදී සඳහන් කළා.

රතු ලේබලය සහිත බහාලුම් නිදහස් කිරීමේදී ස්කෑන් පරීක්ෂාවක් කළ යුතු වුවද නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් කළ යුතු බවට සටහනක් එදා තිබුණද කිසිදු ස්කෑන් පරීක්ෂාවක් නොකර ඒවා මුදා හැර ඇතැයි වාර්තාවේ සඳහන් වන බවයි ඔහු පැවසුවේ.

ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් මේ අනුව කිසිදු පරීක්ෂාවක් නොකර නිදහස් කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා බහාලුම් නිදහස් කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය ජනවාරි 18 වෙනිදා වුවත් එම තීරණය ගැනීමට පෙර එනම් ජනවාරි 17වැනිදා බහාලුම් දෙකක් නිදහස් කර ඇතිබව කියා සිටියා.

එසේම සාම්පල් සහ ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු කහ ලේබල් සහිත කන්ටේනර් 158ක්ද පරීක්ෂාවකින් තොරව එළියට යවා ඇති බව කී රහුමාන් මහතා භෞතික පරීක්ෂාවකින් තොරව රතු බහාලුම් මෙසේ නිදහස් කිරීම නිවැරදි නොවන බව කමිටුව සඳහන් කර ඇතැයි ද පැවසුවා.

මෙම බහාලුම් පිට කිරීමේදී අපගමනයක් සිදුව ඇතැයි වාර්තාව ප්‍රකාශ කරනබව පැවසූ මන්ත්‍රීවරයා සිද්ධියේදී බරපතල දූෂණයක් සිදුවී ඇති බවයි අවධාරණය කර සිටියේ.

මාධ්‍යවල බහාලුම් 323 ක් යනුවෙන් සඳහන් වුවද සැබවින්ම නිදහස්කර ඇත්තේ 309ක් බව ද ඔහු මෙහිදී හෙළි කර සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...