දකුණු කොරියානු නිළි ලී සියෝ-යි (Lee Seo-yi) වයස අවුරුදු 43දී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ SBS නම් කොරියානු නාට්‍ය ජාලයේ ජනප්‍රිය නාට්‍යයක් වන Cheongdam-dong Scandal හි ඇයගේ චරිතය සඳහාය.
ඇයගේ මරණය පිළිබඳ පුවත ජූලි 1 වන දින ඇගේ කළමනාකරු විසින් අනාවරණය කරනු ලැබුවේ Instagram සටහනක් ඔස්සේය. ප්‍රකාශයට අනුව, ලී සියෝ-යි මිය ගොස් ඇත්තේ ජුනි 20 වැනිදාය. ඇගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර නැති අතර ඇගේ සමකාලීනයන්, මිතුරන් සහ රසිකයින් වඩාත් කම්පාවට පත්ව සිටින බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ
1982 අප්‍රේල් 18 වන දින උපත ලැබූ ලී සියෝ-යි 2013 දී MBC ඓතිහාසික නාට්‍යයක් වන Hur Jun, The Original Story සමඟින් රංගනය ආරම්භ කර තිබුණා. මෙම වසරේ මැයි මාසය දක්වා ඇය tvN හි The Divorce Insurance නාට්‍යයේ ද පෙනී සිටි බවයි පැවසෙන්නේ.